Monday, August 15, 2016

කාලය තවමත් නෑ නිමි....






කිසිදිනෙකදී ඔබ නම් යලි 
එන්නැති බව පිලිගන්නැති 
හිත තවමත් ඔබටම ලැදි 
කෙරුවේම ඔබ ගැන විමසිලි 

කඳුළු වලට පමණක් ලැදි 
නෙතුගැන කුමට විමසිලි 
මෙතුවක් ඒ නෙතු මත රැඳී 
සිනහව ගෙන ඔබ ඉගිලුනි 

අප ආගිය තැන්වල ඇති 
මතකය පමණක් ළඟ ඇති 
සැනසුම ළඟ පාතක නැති 
කාලය තවමත් නෑ නිමි 

හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා





"දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා 

හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා "


Wednesday, April 15, 2015

අලුත් අවුරුද්දේ අලුත් වැඩක්





කොළඹ විශ්ව විද්‍යාලයේ අලුත් වැඩක් .. අලුත් අවුරුද්දේ.. ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල වංශ කතාවේ ප්‍රථම වරට...
පහත දැක්වෙන link එකෙන් වෙනස අත්විඳින්න. FOS media සමුහයා ගේ ප්‍රයත්නයක්....

http://fos.cmb.ac.lk/blog/uoc-rhythm/


Image : www.facebook.com

Sunday, March 22, 2015

තාම මගේ හිත ඔබ ගැන ...





වරක් දැක හිත නිවා ගන්නට 
ඉතින්  ඇවිදන් යනවද 
සඳක් නොවුනටකමක් නැහැ මට 
තරු තිතක්වත් වෙනවද  

කෙළවරක් නැති ඔබේ කතාවන් 
තාම ඉස්සර වගේම ද 
ඉඳහිටක විරසකව රතුවෙන 
නීල දෑසත් එහෙමද 

පුංචි දැරියක ලෙස සිනාසෙන
විටදී කෙතරම් සොඳුරු ද 
සොඳුරු වූ එම දුර අතීතය
ගැන බිඳක්වත් මතකද 

අපේ සැමරුම් රැඳුනු තැන්වල 
මදක් නැවතී බැලුවද 
අපට මොහොතක් නොදක බැරිවුණු 
දවස් කොතරම් තිබුනද  

අහිමි දේ ගැන නොතැවෙන්න යැයි 
ලොවම කොතෙකුත් කීවට 
මක් කරන්නද අහිමි වුවත් 
තාම මගේ හිත ඔබ ගැන 

Wednesday, February 4, 2015

සුභ මංගලම් ඔබට..........



අහස සමුදුර හමුවෙනා දුර සිතිජ මායිමම
දෑස රඳවා සතපවා හිස මගේ උරහිසක

මගෙම වන්නට පැතු මොහොතක දෑත හා වෙලුන

වෙනත් දෑතක පැටලිලා අද ඔබේ සුලැඟිල්ල

නිතර ලඟ හිඳ අපේ කතාබහ අසා උන් සුලඟ

දිනක් කීවා මා දමා ඔබ යන බව දුරක

උරන වූවත් ඒ දිනේ සිට මා සුලඟ සමඟ
අදත් එන්නේ සුලඟ පමනයි රැගෙන ඔබෙ සුවඳ

පෝරුමස්තක තියා අශ්ඨක කියා සුභ පැතුව
කවුරුවත් නෑ දන්නේ ඔබ මා අතර පෙම් පුවත
සැමට රහසින් එකතු කරගත් අපෙ සොඳුරු මතක
සිහිනෙන්වත් ඔබෙ මතකෙට නො එවා සොඳුර

Wednesday, September 24, 2014

හිමින් හිමින් ඇවිද එන්න...





අතීතයේ මතක දිගේ හිමින් හිමින් ඇවිද එන්න 
හදිස්සියක් නැතිව ඇවිත් අපේ මතක ඇහැරවන්න 
සමනල හිත දුටුව හීන ඉස්සර වාගේම දකින්න 
ඇබින්දකට ළඟ නැවතී පුරුදු ලෙසම ඉගිල යන්න 


කඳුළු අරන් ඇවිත් මගේ දෙනෙත් මතින් යලි තියන්න 
කඳුළු නැතිව මම ඉන්නේ දුක නිවෙනතුරු හඬන්න
සංසාරෙම ලඟින් ඉන්න බව හීනෙන්වත් කියන්න 
කඳුළු තියා ඔබ දුටුවම නැගෙන සිනා අරන් යන්න 

Image source :  4.bp.blogspot.com

Wednesday, September 10, 2014

ඉතින් දැන්වත් නතරවීයන්....





 
ගියපු බව ඇය දන්නේ නැතුවද
තාම මේ මල් පිපෙන්නේ
ඉතින් පරවී බිමට වැටියන්
කුමටද ඈ නැතුව මා ලඟ
දැනී ඇයගෙ සුවඳ විතරක්

ගියපු බව ඇය දන්නේ නැතුවද
තාම මේ තරු දිලෙන්නේ
ඉතින් තරු එලි නිවී පලයන්
කුමකටද ඈ නැතුව මා ලඟ
ඇගේ දෙනෙතේ එලිය විතරක්

ගියපු බව ඇය දන්නේ නැතුවද
තාම විහඟුන් ගයන්නේ
ඉතින් විහඟුන් ගොලුව ගියදෙන්
කුමකටද ඈ නතුව මා ලඟ
ඇසී ඇයගේ වදන් විතරක්

ගියපු බව ඇය දන්නේ නැතිවද
තාම හදවත ගැහෙන්නේ
ඉතින් දැන්වත් නතරවීයන්
කුමකටද ඈ නැතුව මා ලඟ
හුස්ම වැටෙනා දිවිය විතරක්