වරක් දැක හිත නිවා ගන්නට
ඉතින් ඇවිදන් යනවද
සඳක් නොවුනටකමක් නැහැ මට
තරු තිතක්වත් වෙනවද
කෙළවරක් නැති ඔබේ කතාවන්
තාම ඉස්සර වගේම ද
ඉඳහිටක විරසකව රතුවෙන
නීල දෑසත් එහෙමද
පුංචි දැරියක ලෙස සිනාසෙන
විටදී කෙතරම් සොඳුරු ද
සොඳුරු වූ එම දුර අතීතය
ගැන බිඳක්වත් මතකද
අපේ සැමරුම් රැඳුනු තැන්වල
මදක් නැවතී බැලුවද
අපට මොහොතක් නොදක බැරිවුණු
දවස් කොතරම් තිබුනද
අහිමි දේ ගැන නොතැවෙන්න යැයි
ලොවම කොතෙකුත් කීවට
මක් කරන්නද අහිමි වුවත්
තාම මගේ හිත ඔබ ගැන
Image : soonph87.files.wordpress.com/
